සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කර ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යායාමය ප්‍රවර්ධනය කරන්නැයි  චීනයෙන් ඉල්ලීමක්

සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කර ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යායාමය ප්‍රවර්ධනය කරන්නැයි  චීනයෙන් ඉල්ලීමක්

සැබෑ බහුපාර්ශ්විකවාදය ක්‍රියාත්මක කර ජාත්‍යන්තර මානව හිමිකම් ව්‍යායාමය ප්‍රවර්ධනය කරන ලෙස චීනය ඉල්ලා සිටී.

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත Chen Xu මහතා ඒ බව පැවසුවේ ඊයේ (17) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 59 වැනි සැසිවාරයේදී ය.

විශ්වීය, සාධාරණ, වාස්තවික මෙන්ම නිර්-දේශපාලනීකරණය වූ සමාන මූලධර්මයන් අනුගමනය කරමින් සිය අනන්‍යතාවය හා විශ්වසනීයත්වය පවත්වා ගන්නා ලෙස ඔහු එම අවස්ථාවේදී ජාත්‍යන්තර මානව හිමිකම් යාන්ත්‍රණයෙන් ඉල්ලා සිටියේය. ඒ “සංවාද හා සහයෝගිතා තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මිතුරු කණ්ඩායම” වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමිනි.  

කිසිදු රටක් සිය ක්‍රමවේදය අන් රටවල් හා කලාප වෙත ව්‍යාප්ත නොකළ යුතු බව Chen Xu මහතා අවධාරණය කර ඇත. සියලු පාර්ශ්වයන් සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාවට නංවමින්, ගෝලීය ශිෂ්ටාචාරයන්හි විවිධත්වයට ගරු කළ යුතු ය. ආරක්ෂාව, සංවර්ධනය, සංවාදය සහ සහයෝගීතාව මගින් මානව හිමිකම් ඉදිරියට ගෙන යා යුතු බව ඔහු කියා සිටියේය.

එම ඒකාබද්ධ ප්‍රකාශය සංවර්ධනය වෙමින් පවතින රටවල පුළුල් ඇගයීමට ලක් විය. බොහෝ රටවල්  එම ප්‍රකාශයට සක්‍රිය ප්‍රතිචාර දක්වා ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *