චීනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ Chen Yun මහතාගෙන් උගෙන, චීනය ශක්තිමත් රටක් බවට ගොඩනැගීම සඳහා ක්‍රියාශීලි ජීවගුණයෙන් යුතුව වෙහෙස මහන්සි වී වැඩ කරන ලෙස චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(13) ඉල්ලීමක් කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ද වන ෂී ජින්පිං මහතා, Chen Yun නායකයාගේ 120 වන ජන්ම සංවත්සරය සැමරීම සඳහා මහජන මහා ශාලාවේ පැවති රැස්වීමකදී මේ බව පැවසීය.
වසර 1905 දී උපත ලැබූ Chen Yun මහතා 1925 දී පක්ෂයට සම්බන්ධ විය. ඔහු ශ්‍රේෂ්ඨ නිර්ධන පංති විප්ලවවාදියෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස මෙන්ම රටේ සමාජවාදී ආර්ථිකයේ ආරම්භක චරිතයක් ලෙස පිළිගැණේ. හෙතෙම මාඕ සේතුං හරය තුළ පවතින පක්ෂයේ පළමු පරම්පරාවේ මධ්‍යම සාමූහික නායකත්වයේ සහ ඩෙන් ෂියාඕපිං හරය තුළ සිටින මධ්‍යම සාමූහික නායකත්වයේ දෙවන පරම්පරාවේ ප්‍රධාන සාමාජිකයෙකු වූ බව ෂී ජින්පිං මහතා පැවසීය.