චීන-අප්‍රිකා ආර්ථික සහ වෙළඳ සහයෝගීතා නිල් පත්‍රිකාව නිකුත් කෙරේ

චීන-අප්‍රිකා ආර්ථික සහ වෙළඳ සහයෝගීතා නිල් පත්‍රිකාව නිකුත් කෙරේ

“චීන-අප්‍රිකා ආර්ථික සහ වෙළඳ සහයෝගීතා නිල් පත්‍රිකාව: එම සහයෝගීතා සංවර්ධන වාර්තාව (2025)” නිකුත් කෙරේ. වර්තමානයේ චීන-අප්‍රිකා වෙළඳ ආකෘතියට සුවිසල් වෙනස්කම් සිදුවූ අතර, එය ක්‍රමයෙන් විවිධාංගීකරණය, ඉහළ එකතු කළ අගය සහ තාක්‍ෂණයට වැඩියෙන් යොමුවන දිශාවක් කරා පරිවර්තනය වෙමින් පවතින බව එම නිල් පත්‍රිකාව පෙන්වා දෙයි. අනාගතයේදී, කාර්මික කර්මාන්තය, කෘෂිකර්මාන්තය, විදුලි සංදේශ, ඩිජිටල් ආර්ථිකය, නව යටිතල පහසුකම්, හරිත බලශක්තිය සහ මූල්‍ය සේවාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාවලට වැඩි අවස්ථා උදා වනු ඇති බව ද සඳහන් වේ. 

චීන-අප්‍රිකානු වෙළඳ ආකෘතියේ වෙනස්කම්වලට හේතු වන්නේ අප්‍රිකාවේ දේශීය කාර්මීකරණ ක්‍රියාවලිය, චීනයේ ආර්ථිකයේ උත්ශ්‍රේණිගත වීම සහ “එක් තීරයක් එක් මාවතක්” මුලපිරුම ප්‍රවර්ධනය කිරීම බව එම නිල් පත්‍රිකාව පෙන්වා දෙයි.

4 වන චීන-අප්‍රිකා ආර්ථික සහ වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රතිඵලවලින් එකක් ලෙස, එම නිල් පත්‍රිකාව ඊයේ(13) චීන-අප්‍රිකා ආර්ථික සහ වෙළඳ සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක සැලැස්ම පිළිබඳ ප්‍රවර්ධන උත්සවයේදී නිකුත් කරන ලදී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *