ගාසා තීරයේ කඩිනම් සටන් විරාමයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් බහුතර කැමැත්තෙන් සම්මත වී තිබේ. ඒ ඊයේ(12) පැවති හදිසිවිශේෂ සැසියකදී ය. එමෙන්ම ගාසා තීරයට මානුෂීය සහනාධාර ප්‍රවේශය සහතික කළ යුතු බව ද එම යෝජනාවෙන් ඉල්ලා සිටී.
යෝජනාවට පක්ෂව ඡන්ද 149ක් ද විරුද්ධව ඡන්ද 12ක් ද ලැබී තිබේ. එමෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටිසංඛ්‍යාව 19කි.
යුද ක්‍රමයක් ලෙස සිවිල් වැසියන් කුසගින්නේ තැබීම සහ මානූෂීය සහනාධාර ප්‍රවේශය නීතිවිරෝධී ලෙස තහනම් කිරීම දැඩි ලෙස හෙළා දකින බව ද එහිදී ප්‍රකාශ විය. ජාත්‍යන්තර නීතිය යටතේ කුමන ආක්‍රමණිකයින් වුව ද මානව අවශ්‍යතා වෙනුවෙන් පහසුකම් සැලසිය යුතු බව ඉන් අවධාරණය කරයි. එබැවින් ගාසා තීරයේ මෙන්ම එහි සිටින සියලුම පලස්තීන සිවිල් වැසියන්ගේ අවශ්‍යතා කඩිනමින් ඉටු කළ යුතු ව ඇත.
ආක්‍රමණිකත්වයේ යෙදී සිටින ඊශ්‍රායලය සියලු අවහිරතා ක්ෂණිකව අවසන් කර, සියලුම දේශසීමා මායිම් ප්‍රදේශවලින් මානුෂීය සහනාධාර ළඟා වන බවට සහතික කළ යුතු බව ද යෝජනාවෙන් ඉල්ලා සිටී. ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතියට ගරු කරන බවට සහතික විය යුතු අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් ඒකපාර්ශ්වික ව මෙන්ම සාමූහික ව අවශ්‍ය පියවර ගත යුතු ය.
ද්විරාජ්‍ය විසඳුම පිළිබඳ යළි අවධාරණය කරන එම යෝජනාව ගාසා තීරය පලස්තීන රාජ්‍යයේ කොටසක් බව සඳහන් කර සිටී. එමෙන්ම ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ මෙන්ම නැගෙනහිර ජෙරුසලම ඇතුළු ප්‍රදේශයන් හි ජනවාර්ගික හෝ භූමිය වෙනස් කිරීමට දරන උත්සාහයන් දැඩි ව ප්‍රතික්ෂේප කරන අතර නගරයේ පූජනීය ස්ථානවල ඓතිහාසික වාතාවරණය උල්ලංඝනය කරන සියලුම ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කරයි. පලස්තීන භූමිය නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම වහාම නවත්වන ලෙස ද එමගින් ඉල්ලා සිටී.
බහුතරයක කැමැත්තෙන් යෝජනාව සම්මත වීමෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අපේක්ෂාව පිළිබිඹු වන බව එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී පැවසීය. පසුගිය සතියේ ඇමරිකාව සිය නිශේධ බලය භාවිත කිරීම හේතුවෙන් ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනාවක් සම්මත කර ගැනීමට නොහැකි වීම පිළිබඳ කනගාටුව පළ කළ හෙතෙම ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ වහාම හමුදා ප්‍රහාරය නතර කරන ලෙසයි.