තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව ‘සිදුනොකළ යුතු කරුණු තුනක්’ අවධාරණය කෙරේ

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව ‘සිදුනොකළ යුතු කරුණු තුනක්’ අවධාරණය කෙරේ

ඇමරිකාව තායිවාන ප්‍රශ්නය උපරිම සැලකිල්ලෙන් හැසිරවිය යුතු බව චීනය ප්‍රකාශ කරයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය (11) ඒ බව පැවසුවේ නිත්‍ය මාධ්‍ය හමුවකදීය. පසුගිය ජුනි 5 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා‍ගේ ඉල්ලීම අනුව ෂී ජින්පිං ජනාධිපතිවරයා ඔහු සමග දුරකථන සංවාදයක නිරත වූ අතර, ඇමරිකාව ‘තායිවාන බෙදුම්වාදීන්’ සුළු පිරිසක් චීනය සහ ඇමරිකාව ගැටුම්කාරී තත්ත්වයකට ඇද දැමීම වළක්වා ගත යුතු බව අවධාරණය කළේය. වත්මන් තත්ත්වය යටතේ චීන රාජ්‍ය මණ්ඩලය එම ප්‍රකාශය ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි වාර්තාකරුවෙක් විමසීය.

ඊට ප්‍රතිචාර වශයෙන්, ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය පැවසුවේ, එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශ තුන පිළිපදින ලෙසත්, තායිවාන ගැටලුව ඉතා ප්‍රවේශමෙන් හසුරුවන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවයි.

‘තායිවාන බෙදුම්වාදීන්’ට අනුබල නොදීමේ ප්‍රතිඥා ක්‍රියාවට නංවමින්, ඔවුන්ට වැරදි සංඥා නොයැවිය යුතුය. එසේම  ඇමරිකාව චීනය සමග සබඳතාවල සමස්ත තත්ත්වය අඩපණ කිරීමට “තායිවාන බෙදුම්වාදීන්’ ඉතා සුළු පිරිසකගේ කුමන්ත්‍රණය සාර්ථක වීමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශිකාව සඳහන් කළාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *