ජ.වි.පෙ ප්‍රධාන ලේකම් සහ චීනයේ Zhejiang පළාතේ ප්‍රධානියා අතර හමුවක්

ජ.වි.පෙ ප්‍රධාන ලේකම් සහ චීනයේ Zhejiang පළාතේ ප්‍රධානියා අතර හමුවක්

චීන Zhejiang පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම්, එම පළාතේ ප්‍රධානි Liu Jie මහතා, ශ්‍රී ලංකා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රමුඛ දූත පිරිස හමු වෙයි. එම හමුව ඊයේ(09) Hang Zhou නගරයේ සිදු විය.

Liu Jie මහතා විසින් ටිල්වින් සිල්වා සහ ඔහුගේ දූත පිරිස උණුසුම් ලෙස පිළිගැණින. ටිල්වින් සිල්වා මහතාගේ නිල සංචාරය අවස්ථාවක් ලෙස සලකා, දෙරටේ රාජ්‍ය නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවන් යටතේ, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Liu Jie මහතා එහිදී ප්‍රකාශ කළේය. එසේම දෙරටේ ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික හුවමාරු ශක්තිමත් කරමින් චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ගැඹුරු කිරීම සඳහා දායක වීමට සූදානම් බව ද ඔහු පැවසීය.

ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ චීනය සමඟ පවතින සබඳතාවලට ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන බවයි. දෙරටේ ජනතාවට වඩා මනා ලෙස ප්‍රතිලාභ ගෙනදීම සඳහා ආර්ථිකය, වෙළඳාම, බලශක්තිය, විද්‍යාව හා තාක්ෂණය, යටිතල පහසුකම් යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ වඩාත් සැලකිය යුතු ප්‍රගතියක් ප්‍රවර්ධනය කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *