දකුණු චීන මුහුදේ ආරක්ෂාවට සහ ස්ථාවරත්වයට ඇති විශාලතම තර්ජනය ඇමරිකාව බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ ස්ථිර දූත මණ්ඩලයේ කටයුතු භාර නිලධාරී Geng Shuang මහතා පෙන්වා දෙයි. (20) ආරක්ෂක මණ්ඩලයේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ විවෘත විවාදයේ දී, දකුණු චීන මුහුදේ ගැටලුව සම්බන්ධයෙන් චීනයට එරෙහිව ඇමරිකාව එල්ල කළ අසාධාරණ චෝදනා ප්‍රතික්ෂේප කරමින් Geng Shuang මහතා මේ බව ප්‍රකාශ කළේ ය.
නාවික කටයුතු සඳහා නිදහසේ යාත්‍රා කරන මුවාවෙන් ඇමරිකාව දකුණු චීන මුහුදු කලාපය වෙත සිය හමුදා නෞකා සහ ගුවන් යානා යැවීම අඛණ්ඩව සිදු කරන බවත්, ඒ හරහා කලාපීය රටවල් අතර විවෘතව ගැටුම් ඇති කරන බවත් Geng Shuang මහතා එහිදී පවසා ඇත.
ඉතිහාසයට සහ ජාත්‍යන්තර නීතියට ගරු කිරීමේ පදනම් මත, සංවාද සහ සාකච්ඡා හරහා අදාළ පාර්ශ්වයන් සමඟ සමුද්‍රීය ආරවුල් නිසි ලෙස හැසිරවීමට චීනය කැපවී සිටින බව ද ඔහු පැවසීය. චීනය සහ ආසියාන් රටවල ඒකාබද්ධ උත්සාහයන් හේතුවෙන්, දකුණු චීන මුහුදේ වත්මන් තත්ත්වය ස්ථාවරව පවතී. දකුණු චීන මුහුද, සාමයේ, මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ මුහුදු කලාපයක් බවට පත් කිරීමේ අධිෂ්ඨානය සහ හැකියාව චීනය සතු බව ද Geng Shuang මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.