ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” ප්‍රතිපත්තියට එරෙහිව චීනයෙන් යෝජනාවක්

ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” ප්‍රතිපත්තියට එරෙහිව චීනයෙන් යෝජනාවක්

ඇමරිකාවේ “අන්‍යෝන්‍ය තීරුබදු” කෙරෙහි ලෝක වෙළඳ සංවිධාන සාමාජිකයින්ගේ සාමූහික ප්‍රතිචාර යෝජනාවක් චීනය ඉදිරිපත් කර ඇත. ඒ (20) ජිනීවා නුවර පැවති ලෝක වෙළෙඳ සංවිධානයේ 2025 වසරේ මහා මණ්ඩලයේ දෙවැනි රැස්වීමේදී ය.

ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු”, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට බරපතල ලෙස අහිතකර බලපෑම් ඇති කරන බව චීනය එම රැස්වීමේදී ‍පවසා ඇත. එබැවින් සාමාජික රටවල් නිවැරදි අන්තයේ සිටිමින් ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කරගන්නා බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කළ යුතු බව චීනය අවධාරණය කර සිටියේය.

කැළඹිලි සහිත වෙළඳ තත්ත්වයන්ට මුහුණ දීම ‍සඳහා “ස්ථාවරත්වයට හා සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රතිසංස්කරණ මාවතක ගමන් කිරීමේ” ක්‍රියාකාරී ප්‍රවේශය චීනය එම අවස්ථාවේදී ලෝක වෙළඳ සංවිධානයට යෝජනා කර ඇත. චීනයේ එම යෝජනාව එහිදී පුළුල් එකඟතාවකට ලක්ව ඇති අතර, බ්‍රසීලය, රුසියාව, පාකිස්ථානය සහ ඇන්ටිගුවාව හා බාබුඩාව ඇතුළු සාමාජික රටවල් ඇමරිකාවේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයන්ට එරෙහිව දැඩි කණස්සල්ල පළ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *