පසුගිය අප්‍රේල් මාසයේ ද චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්  

පසුගිය අප්‍රේල් මාසයේ ද චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක්  

ඉකුත් අප්‍රේල් මාසයේ චීන ආර්ථිකය ස්ථාවර මට්ටමින් වර්ධනය වේ. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (19) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉකුත් අප්‍රේල් මාසයේ ආර්ථික දත්ත නිකුත් කළේ ය. එම මාසයේ බාහිරින් එල්ල වූ පීඩනය හමුවේ වුව ද රටේ ක්‍රියාත්මක ධනාත්මක සාර්ව පාලන ප්‍රතිපත්තිය හේතුවෙන් ආර්ථිකය එම පීඩනයට ඔරොත්තු දෙමින් ස්ථාවර මට්ටමින් හා තරමක වේගයකින් වර්ධනය වී ඇතැයි චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව ඉකුත් අප්‍රේල් මාසයේ ප්‍රධාන ව්‍යාපාරයන්හි වාර්ෂික ආදායම යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි කාර්මික ව්‍යවසායන්හි අතිරේක අගය සහ සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය වෙන් වෙන් ව 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 6.1%කින් හා 6%කින් වර්ධනය විය. එසේ ම පාරිභෝගික භාණ්ඩයන්හි සමස්ත සිල්ලර අගය 2024 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.1%කින් වැඩි විය. පසුගිය වසරේ අදාළ කාලසීමාව හා සසඳන විට ‍මේ වසරේ ගෙවුණු මුල් මාස හතර තුළ චීනයේ නිශ්චිත දේපළ ආයෝජනය ද වර්ධනය වී ඇත. එය 4%ක වර්ධනයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *