චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ස්ලෝවැකියානු ජනරජයේ අග්‍රාමාත්‍ය Robert Fico මහතා හමු වෙයි. එම හමුව ඊයේ(09) රාත්‍රියේ රුසියාවේ මොස්කව්හිදී සිදු විය.
දෙරට අතර සාම්ප්‍රදායික මිතුදම අඛණ්ඩව ගැඹුරු කොට විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
4 වන චීන-මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවල ප්‍රදර්ශනයට, ගෞරවනීය ආරාධිත රටක් ලෙස සහභාගී වීමට චීනය ස්ලෝවැකියාව සාදරයෙන් පිළිගනී. ස්ලෝවැකියාවේ උසස් තත්ත්වයේ නිෂ්පාදන චීනයට අපනයනය කිරීම ප්‍රවර්ධනය කරමින් චීන සමාගම් ස්ලෝවැකියාවේ ආයෝජනය කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
එකම චීනය යන මූලධර්මය අනුගමනය කොට චීනය සමඟ මිත්‍රත්වය ප්‍රවර්ධනය කරමින් විධිමත් හා ස්ථීර ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කිරීම ස්ලෝවැකියාවේ කැමැත්තක් බව Robert Fico මහතා සඳහන් කළේය.
යුක්රේනය හා මැද-පෙරදිග වැනි ගැටළු සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය සහ ඵලදායී කාර්යභාරය අගය කරන ස්ලෝවැකියාව, බහුපාර්ශ්වවාදය ආරක්ෂා කිරීමටත් ලෝකයේ කාර්මික දාමයේ හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ස්ලෝවැකියානු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.