චීන විදේශ ඇමතිවරයා, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රියා විදේශ අමාත්‍යවරුන් සමග වෙන් වෙන් ව දුරකථන සංවාදයක

චීන විදේශ ඇමතිවරයා, බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රියා විදේශ අමාත්‍යවරුන් සමග වෙන් වෙන් ව දුරකථන සංවාදයක

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා ඇරයුමකට අනුව බ්‍රිතාන්‍ය විදේශ ඇමති David Lammy මහතා සමග ඊයේ(22) දුරකථන සාකච්ඡාවක නිරත විය.

ඇමරිකාව තීරු බදු අවියක් ලෙසට භාවිත කර විවිධ රටවල්වලට පහර දෙමින් ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන්ට පටහැනිව ක්‍රියා කර විවිධ රටවල ප්‍රතිලාභයන්ට හානි සිදු කරන බව වං යී මහතා එහිදී පැවසීය. ඇමරිකාවේ ක්‍රියාවට එරෙහිව චීනය පෙනී සිටින්නේ සිය ප්‍රතිලාභ ආරක්ෂා කිරීම පමණක් නොව ජාත්‍යන්තර රෙගුලාසි හා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය රැක ගැනීම ද වෙනුවෙන් බව ඔහු කීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් ලෙස බ්‍රිතාන්‍යය හා චීනය, ලෝක ආර්ථික හා ජාත්‍යන්තර වෙළඳාමේ තිරසර සංවර්ධනය වෙනුවෙන් වැදගත් වගකීම භාර ගන්නා බව බ්‍රිතාන්‍ය විදේශ ඇමති David Lammy මහතා එහිදී කියා සිටියේය.

මේ අතර එදිනම වං යී මහතා හා ඔස්ට්‍රියා විදේශ ඇමති Meinl Reisinger මහතා අතර දුරකථන සාකච්ඡාවක් සිදු විය. වගකීම  සහගත රටක් ලෙස චීනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කර ගන්නා ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර නීතිය පදනම් වන ජාත්‍යන්තර පටිපාටිය අඛණ්ඩව ආරක්ෂා කරමින් උසස් මට්ටමේ විවෘතභාවය අනුගමනය කර ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගනු ඇතැයි වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය.

ඔස්ට්‍රියාව චීනය සමග ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගිතා සබඳතා අගය කරන අතර ඒවා තවදුරටත් ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බව Meinl Reisinger මහතා එම දුරකථන සංවාදයේදී පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *