ඇමරිකාව විසින් චීනයේ සාගර කටයුතු, භාණ්ඩ හැසරවීම් හා නෞකා ගොඩනැංවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන්ට චීනයේ දැඩි විරෝධය

ඇමරිකාව විසින් චීනයේ සාගර කටයුතු, භාණ්ඩ හැසරවීම් හා නෞකා ගොඩනැංවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන්ට චීනයේ දැඩි විරෝධය

ඇමරිකාව විසින් චීනයේ සාගර කටයුතු, භාණ්ඩ හැසරවීම් හා නෞකා ගොඩනැංවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන්ට චීනය දැඩි විරෝධය පළ කරයි. අදාළ පරීක්ෂණයන් සම්බන්ධයෙන් චීනය කිහිප අවස්ථාවකදීම සිය මතය ඉදිරිපත් කර ඇති අතර ඇමරිකාවේ දේශීය කර්මාන්ත ගැටළු පදනම් කර ගනිමින් චීනයට චෝදනා කිරීම නතර කරන ලෙසට ද අවධාරණය කෙරේ. චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා මේ බව සඳහන් කළේය.

ඒකපාර්ශ්වික හා ආරක්ෂණවාදී ක්‍රියාවක් ලෙසට මෙවැනි පියවරයන් තුළින් චීන ව්‍යවසායකයන්ගේ නීත්‍යනුකූල අයිතීන් හා ප්‍රතිලාභයන්ට දැඩි ලෙස හානි සිදුවෙයි. ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්ට ද ඉන් දැඩිව බාධා එල්ල කරන බවද හෙතෙම සඳහන් කරයි. ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසීන් ද උල්ලංඝනය කරන එම ක්‍රියාවන් ගෙන් බහු පාර්ශ්වික වෙළඳ පද්ධතිය හා ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටියට හානි සිදු කරන බවද චීනය සඳහන් කරයි.

චීනය ඇමරිකාවේ ක්‍රියාමාර්ග සමීපව නිරීක්ෂණය කරන අතර තම අයිතීන් හා ප්‍රතිලාභයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සුදුසු පියවර ගන්නා බවද කියා සිටී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *