චීන – යුරෝපා දුම්රිය මාර්ගයට අයත් මධ්‍ය දුම්රිය ස්ථානයෙන් මෙම වසරේ මේ දක්වා ධාවනය කර ඇති දුම්රිය සංඛ්‍යාව 1000 ඉක්මවා ඇතැයි වාර්තා වෙයි.
කන්ටේනර 55කින් සමන්විත දුම්රියක් (19) සවස චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ Erenhot දුම්රිය ස්ථානයේ සිට යුරෝපය බලා පිටත් ව ගියේය. එය මධ්‍ය දුම්රිය මාර්ගයෙන් ධාවනය කෙරෙන 1000 වැනි දුම්රියයි.
චීන – මෝංගෝලියා – රුසියා ආර්ථික කොරිඩෝවේ කේන්ද්‍රස්ථානයේ පිහිටි Erenhot දුම්රිය ස්ථානය, චීන – යුරෝපා දුම්රිය මාර්ගයට අයත් එකම මධ්‍ය දුම්රිය ස්ථානයයි. ඊට අනුබද්ධ ව දුම්රිය මාර්ග 72ක් ක්‍රියාත්මක කෙරේ. ජර්මනිය, පෝලන්තය ඇතුළු 10කට වැඩි රටවල දුම්රිය ස්ථාන 70ක් පමණ සම්බන්ධ වීම එහි විශේෂත්වයකි.
නිසියාකාරයෙන් ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව පසුගිය මාස තුන තුළ, Erenhot දුම්රිය ස්ථානය හරහා ප්‍රවාහනය කර ඇති භාණ්ඩ ප්‍රමාණය ටෝන් නව ලක්ෂ නවසියපනස් දහස ඉක්මවීම ද කැපී පෙනේ.