චීනය ඇමරිකාවේ වැදගත් යටිතල පහසුකම්වලට සයිබර් ප්‍රහාර දියත් කළ බවට පළ වන ඇමරිකානු මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසයි. ඔහු එසේ ප්‍රකාශ කළේ (11) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය.
චීනය විවිධ අවස්ථාවලදී ඇමරිකාවේ පදනම් විරහිත සහ අසාධාරණ චෝදනා පැහැදිලිවම ප්‍රතික්ෂේප කර ඇති බව ලින් ජියන් මහතා පෙන්වා දුන්නේය. අදාළ සිදුවීම් ඇමරිකානු බුද්ධි අංශ විසින් චීනය අපකීර්තියට ලක් කිරීමට ගත් උත්සාහයක් බව ඔහු කියා සිටියි.
ට්‍රම්ප් පරිපාලනය සිය ආරක්ෂක දෙපාර්තමේන්තුවට බාහිර සයිබර් ප්‍රහාර දියත් කිරීමට අවසර දීම, ඇමරිකාව චීනයේ වැදගත් යටිතල පහසුකම්වලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම සහ ඇමරිකාව හා තායිවාන ‘පරිපාලනය’ අතර සයිබර් හමුදාමය සහයෝගීතාව සම්බන්ධයෙන් චීනය විවිධ ක්‍රම ඔස්සේ ඇමරිකාවට කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. චීනය සිය සයිබර් සුරක්ෂිතතාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගනු ඇතැයි ලින් ජියන් මහතා ප්‍රකාශ කළේය.