චීන ජනපති සහ ස්පාඤ්ඤ අගමැති අතර හමුවක්

චීන ජනපති සහ ස්පාඤ්ඤ අගමැති අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez Pérez-Castejón මහතා හමු වෙයි. ඒ අද(11) පෙරවරුවේ බෙයිජිංහි Diaoyutai රාජ්‍ය අමුත්තන්ගේ නිකේතනයේදී ය.

වත්මන් සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ චීන-ස්පාඤ්ඤ සබඳතා ස්ථාවර ලෙස වර්ධනය කිරීම වඩාත් වැදගත් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මෙම වසරේදී දෙරට අතර විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 20 වන සංවත්සරය සනිටුහන් කරයි. දෙපාර්ශ්වයම දේශපාලන පදනම තවදුරටත් ශක්තිමත් කොට, එකිනෙකාගේ මූලික අවශ්‍යතාවලට සහාය විය යුතු අතර නව බලශක්තිය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතා පුළුල් කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

සාධාරණ හා යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට එක්ව කටයුතු කරන්නැයි හෙතෙම ඉල්ලා සිටියේය.

චීනය සහ යුරෝපය පොදු හවුල්කාරිත්වයට සහ විවෘත සහයෝගීතාවයට අනුගත විය යුතු අතර ආර්ථික ගෝලීයකරණය සහ ජාත්‍යන්තර වෙළඳ පරිසරය ආරක්ෂා කිරීමට දෙපාර්ශ්වයම එක්ව කටයුතු කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

පසුගිය වසර 20 තුළ ස්පාඤ්ඤ-චීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව Pérez-Castejón මහතා එහිදී පැවසීය. චීනය සමග පවත්නා සබඳතා ස්පාඤ්ඤය වැදගත් කොට සලකන අතර ද්විපාර්ශ්වික සබඳතාවයේ නව වර්ධනය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා ශක්තිමත් කිරීමට ද ස්පාඤ්ඤය කැමැත්තෙන් සිටී.  ජාත්‍යන්තර පිළිවෙල නිවැරදිව පවත්වා ගැනීම සඳහා චීනය සමග සහයෝගීතා තවදුරටත් ශක්තිමත් කිරීමට ස්පාඤ්ඤය සූදානමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

යුක්රේන අර්බුදය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *