චීන යුරෝපා වෙළඳ සහයෝගිතා යළි පණ ගැන්වීමට දෙපාර්ශ්වයේ එකඟත්වය 

චීන යුරෝපා වෙළඳ සහයෝගිතා යළි පණ ගැන්වීමට දෙපාර්ශ්වයේ එකඟත්වය 

චීනයත් යුරෝපා සංගමයත් අතර වෙළඳ සහන සංවාද යාන්ත්‍රණය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කඩිනම් කිරීමට දෙපාර්ශ්වය එකඟ වේ.

චීන වාණිජ්‍ය අමාත්‍ය Wang Wentao මහතා, යුරෝපා සංගමයේ වෙළඳාම හා ආර්ථීක ආරක්ෂක කමිටුවේ කොමසාරිස් Maros Sefcovic මහතා සමග පසුගිය 08 වනදා විඩියෝ හමුවක් පැවැත්විය. චීන-යුරෝපා ආර්ථීක වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම මෙන්ම ඇමරිකාවේ ඊනියා‘අන්‍යෝන්‍ය තීරුබදු’පැනවීමට මුහුණ දීම පිළිබඳව දෙපාර්ශ්වයේ නියෝජිතයෝ එහිදී අවංකව අදහස් හුවමාරු කළහ. 

වත්මන් තත්ත්වය යටතේ රෙගුලාසි පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය චීනය හා යුරෝපය පොදුවේ සුරක්ෂිත කරති. එහිදී චීනය හා යුරෝපය අතර නිදහස් හා පහසු වෙළඳ ක්‍රමයක් අනුගමනය කිරීම ලෝක ආර්ථිකයට හා ගෝලීය වෙළඳාමට වඩාත් වැඩි ස්ථාවරත්වයක් හා නිශ්චිතභාවයක් ලබා දෙනු ඇති බව Wang Wentao මහතා පැවසීය.

ඇමරිකාව ඊනියා‘අන්‍යෝන්‍ය තීරුබදු’පැනවීම ජාත්‍යන්තර වෙළඳාමට බරපතල පහර දීමක් බවත්, ඉන් යුරෝපයට, චීනයට මෙන්ම දුර්වල රටවලට දරුණු බලපෑම් එල්ල වූ බවත් Maros Sefcovic මහතා සඳහන් කළේය. එබැවින් චීනය ඇතුළු ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයන් සමඟ එක්ව ගෝලීය වෙළඳාමේ නිසි ක්‍රියාත්මක කිරීම පොදුවේ සුරක්ෂිත කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බවද හෙතෙම පැවසීය. 

ඒ අනුව චීනයත් යුරෝපා සංගමයත් අතර වෙළඳ සහන සංවාද යාන්ත්‍රණය යළි ආරම්භ කිරීම, වෙළඳාමේ හැරවුම් ලක්ෂ්‍යයන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙන්ම වෙළඳ ගැටළු නිසි ආකාරයෙන් විසඳා ගැනීමට ද දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණ ඇත. එහිදී ලෝක වෙළඳ සංවිධානයේ රාමුව තුළ අදහස් හුවමාරු ශක්තිමත් කරමින් එම සංවිධානයේ ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද දෙපාර්ශ්වයම පොළඹවනු ඇත. තවද ලෝක වෙළඳ සංවිධානය කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය සහතික කරන බවද එහිදී ප්‍රකාශ කෙරිණ.  

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *