චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය ‘ශක්තිමත් කෘෂි රටක් ගොඩනැංවීම කඩිනම් කිරීම පිළිබඳ ක්‍රියා සැලැස්ම(2024–2035)’ නිකුත් කරයි.
වසර 2027 වන විට ශක්තිමත් කෘෂිකාර්මික රටක් ගොඩනැගීම පිළිබඳව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට එම ක්‍රියා සැලැස්මෙන් යෝජනා කෙරේ. එසේ ම ග්‍රාමීය ප්‍රදේශයේ සම්පූර්ණ පුනර්ජීවනයේ ප්‍රායෝගික දියුණුවක් බලාපොරොත්තු වන අතර කෘෂිකාර්මික හා ග්‍රාමීය නවීකරණය නව මට්ටමකට පැමිණෙනු ඇත.
වසර 2035 වන විට ශක්තිමත් කෘෂි රටක් ගොඩනැගීමේ විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමට අපේක්ෂා කෙරේ. ග්‍රාමීය ප්‍රදේශවල සම්පූර්ණ පුනර්ජීවනය තුළ තීරණාත්මක ප්‍රගතියක් අත්කරගන්නා අතර කෘෂිකාර්මික නවීකරණය මූලික වශයෙන් සාක්ෂාත් කර ගැනේ. මේ අතර ග්‍රාමීය ප්‍රදේශයන්හි සැලකිය යුතු නවීන ජීවන තත්ත්වයක් උදා වනු ඇත.
මෙම ශතවර්ෂයේ මැදභාගය වන විට ශක්තිමත් කෘෂි රටක් සම්පූර්ණයෙන්ම ගොඩනගා අවසන් වේ. ගම්බද ප්‍රදේශය සම්පූර්ණයෙන් පුනර්ජීවනය වන අතර කෘෂිකාර්මික හා ග්‍රාමීය නවීකරණය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කිරීමට අපේක්ෂිතය.
අදාල ක්‍රියා සැලැස්ම, ආහාර සුරක්ෂිතතාවයේ පදනම පූර්ණ වශයෙන් තහවුරු කිරීමට යෝජනා කරයි. කෘෂි කර්මාන්තයට අදාළ සෑම ක්ෂේත්‍රයකින්ම විද්‍යා හා තාක්ෂණ උපකරණවල නවෝත්පාදනය ප්‍රවර්ධනය කරමින් ඉහළ මට්ටමේ ‘ස්වයං කෘෂි විද්‍යා හා තාක්ෂණ ස්වාධීනත්වය’ ඉටු කිරීම කඩිනම් කෙරේ. කුඩා ගොවි පවුල්වල සංවර්ධනය සහ නවීන කෘෂිකර්මාන්තය අතර සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ. ජාත්‍යන්තර කෘෂිකාර්මික සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර කෘෂිකාර්මික තරගයේ නව වාසි පෝෂණය කිරීමට අපේක්ෂිතය. මෙමගින් ජීවත්වීමට සහ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට සුදුසු, අලංකාර ගම්බද ප්‍රදේශය ගොඩනැගීම ප්‍රවර්ධනය කෙරෙනු ඇත. නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ඒකාබද්ධ සංවර්ධනය ඉදිරියට ගෙනයමින් නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ අතර පරතරය අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද එම ක්‍රියා සැලැස්ම සඳහන් කරයි.