ඇමරිකාවේ නිෂ්පාදන වෙත සියයට 25ක තීරු බදු පැනවීමට යුරෝපා සංගමය යෝජනා කරයි

ඇමරිකාවේ නිෂ්පාදන වෙත සියයට 25ක තීරු බදු පැනවීමට යුරෝපා සංගමය යෝජනා කරයි

ඇමරිකාවෙන් ආනයනය කෙරෙන නිෂ්පාදන රැසක් සඳහා සියයට 25ක තීරු බදු පැනවීමට යුරෝපා සංගමය යෝජනා කරන බව එම සංගමයේ ලේඛනයක සඳහන් වේ. එය මැයි මස 16 වනදා ක්‍රියාත්මක කෙරේ.

වෙළඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් Maroš Šefčovič මහතා ඊ‍යේ(7) පැවසුවේ ආනයනික වානේ හා ඇලුමිනියම් ලෝහ වෙත ඇමරිකාව අතිරේක තීරු බදු පැනවීම පිළිබඳ ප්‍රති පියවර ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් හෙට(9) ඡන්ද විමසීමක් පවත්වන බවයි. එම ප්‍රති පියවර සම්මත වුවහොත් ඇමරිකාව වෙත යුරෝපා සංගමය පනවන පළමු තීරු බදු සැලැස්ම ලබන 15 වනදා සිට ක්‍රියාත්කම කෙරෙන අතර දෙවන තීරු බදු සැලැස්ම මැයි මස 15 වනදා සිට ක්‍රියාත්මක කරන බව Maroš Šefčovič මහතා කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *