තායිවාන ප්‍රශ්නයට මැදිහත්වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් යළිත් ඉල්ලයි

තායිවාන ප්‍රශ්නයට මැදිහත්වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් යළිත් ඉල්ලයි

තායිවාන ප්‍රශ්නයට මැදිහත්වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් යළිත් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ප්‍රකාශ කරයි. ඔහු එසේ ප්‍රකාශ කළේ අද(7) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදීය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ්ඩායම හමුවීමට තායිවාන ප්‍රදේශයේ ‘පරිපාලනය’, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වොෂින්ටනයට යවා ඇති බව වාර්තාකරුවෙක් එහිදී සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය කුමක් දැයි ඔහු විමසීය.

තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර ඇමරිකාව සහ තායිවාන ‘පරිපාලනය’ අතර ඕනෑම ආකාරයක නිල හුවමාරුවකට චීනය දැඩි ලෙස විරුද්ධ වන බව Lin Jian මහතා පැවසීය. චීනයේ මෙම ස්ථාවරය සෑම විටම පැහැදිලිය. ඇමරිකාවට චීනය දැඩිව විරෝධතා පළ කර ඇත. එකම චීනය මූලධර්මයට සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනට අවනත වෙමින් තායිවාන ‘පරිපාලනය’ සමඟ නිල හුවමාරු නවත්වන ලෙසත්, තායිවාන ප්‍රශ්නයට මැදිහත් වීම නවත්වන ලෙසත්, තායිවාන් සමුද්‍ර සන්ධියේ නව ආතතීන් ඇති කිරීම නවත්වන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා ඇති බව ද Lin Jian මහතා අවධාරණය කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *