ජෛව ආරක්ෂණ පාලන පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි

ජෛව ආරක්ෂණ පාලන පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව චීනය අවධාරණය කරයි

ජෛව ආරක්ෂණ පාලන පද්ධතිය අඛණ්ඩව වැඩිදියුණු කරන්නැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

‘ජීව විද්‍යාත්මක අවි සම්මුතිය’ බලාත්මක වීමේ 50 වැනි සාංවත්සරික දිනය (26)ට යෙදෙයි. ඒ සම්බන්ධයෙන් Guo Jiakun මහතා අදහස් දක්වමින් පැවසුවේ, ජීව විද්‍යාත්මක අවි සම්මුතිය මගින් ජීව විද්‍යාත්මක අවි තර්ජනය ඉවත් කිරීම, ජෛව ආරක්ෂණ අවදානම් අඩු කිරීම සහ ජෛව තාක්ෂණයේ සාමකාමී භාවිතය ප්‍රවර්ධනය කිරීම වැනි ජාත්‍යන්තර නීතිමය බැඳීම් ස්ථාපිත කොට තිබෙන බවයි. සාමය හා ආරක්ෂාව පවත්වා ගනිමින් සංවර්ධනය හා සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම යන සමස්ත මානව වර්ගයාගේ පොදු අරමුණ සාක්ෂාත් කිරීම සඳහා එය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *