
චීන මාධ්‍ය සමූහය සංවිධානය කළ ” වසන්තයේ චීනය – චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම ” නම් ගෝලීය සංවාදය පසුගිය 17 වැනිදා බ්‍රිතාන්‍යයේ ලන්ඩනයේ දී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් මෙම සංවාදය ඇමතීය. චීනය සිය විවෘතභාවය පද්ධතිමය වශයෙන් ස්ථිර ව පුළුල් කළ යුතු බවත් ජාත්‍යන්තර සහයෝගිතා අඛණ්ඩව තහවුරු කළ යුතු බවත් පසුගිය දා බෙයිජිං හි පැවති සැසිවාර දෙකේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අවධාරණය කළේ යැයි Shen Haixiong මහතා එහිදී පැවසීය.
වර්තමානයේ ලොව විශාලතම, බහු කාර්යයන් හා පුළුල්තම විකාශන ආවරණ වපසරියකින් යුත් විස්තීරණ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය ලෙස, චීන මාධ්‍ය සමූහය සිය ප්‍රමුඛ පෙළේ සුසංයෝගාත්මක විකාශන හා නවෝත්පාදන ශක්‍යතාවන් ඉස්මතු කරමින් ලොව පුරා සිටින මිතුරන් සමග චීන මාදිලියේ නවීකරණයේ සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට සූදානම් ය. එසේ ම, චීන විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනයේ නව අවස්ථා සහ සංස්කෘතික හුවමාරුවලින් ගෙන ආ අවස්ථාවන් ද ලෝකය සමග බෙදා ගැනීම චීන මාධ්‍ය සමූහයේ අපේක්ෂාව බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කළේය.
බ්‍රිතාන‍්‍යයේ චීන තානාපති Zheng Zeguang මහතා ඇතුළු ආරාධිතයෝ 150කට වැඩි පිරිසක් එම සංවාදයට එක්ව සිටියහ. පසුගිය දා සාර්ථක ව පැවති චීන සැසිවාර දෙක, චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන, චීනය හා යුරෝපය අතර සහයෝගිතා ඇතුළු විවිධ තේමා සම්බන්ධයෙන් ඔවුහු එහිදී සාකච්ඡා කළහ.