දකුණු චීනයේ Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කළ Long March-8 Y6 රොකට් යානයෙන් පෘථිවි කක්ෂීය චන්ද්‍රිකා 18ක් දියත් කර තිබේ. ඒ අද(12) අලුයම් කාලයේදී ය.
චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සහයෝගිතා ආයතනය පවසන්නේ, මේ ආකාරයෙන්ම මීට පෙර අභ්‍යවකාශ ගත කළ පස් වන චන්ද්‍රිකා සමූහය ද සාර්ථකව කක්ෂ ගතව ඇති බවයි.
Hainan වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ මුල්ම අභ්‍යවකාශ යානා මෙහෙයුම 2024 වසරේ දී අංක 02 වේදිකාවෙන් සිදු කෙරුණු අතර, එහි අංක 01 වේදිකාවෙන් සිදු කෙරුණු මුල්ම අභ්‍යවකාශ යානා දියත් කිරීම මෙය ලෙස වාර්තා වේ.
මෙම සාර්ථකත්වය, ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා චීනයේ පළමු වාණිජ අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ ද්විත්ව දියත් කිරීමේ වේදිකාවන් හි සූදානම පෙන්නුම් කිරීමකි.
එමෙන්ම මෙම මෙහෙයුම, චීන අභ්‍යවකාශ ප්‍රවාහන පද්ධතියේ කොඳු නාරටිය වන Long March රොකට් පවුලේ 563 වන පියාසැරිය සනිටුහන් කරයි.