චීනයේ විදේශීය සමාගම් යළි චීනයේ ආයෝජනයට සූදානම් බවට අනාවරණයක්

චීනයේ විදේශීය සමාගම් යළි චීනයේ ආයෝජනයට සූදානම් බවට අනාවරණයක්

චීනයේ විදේශීය සමාගම් චීනයේ නැවත ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව ඇමරිකානු වාණිජ මණ්ඩල සමීක්ෂණයෙන් අනාවරණය කෙරේ.

දකුණු චීනයේ ඇමරිකානු වාණිජ මණ්ඩලය විසින් මෑතකදී සමීක්ෂණ වාර්තාවක් නිකුත් කරමින් මේ බව පැවසීය.

ඇමරිකානු සමාගම් ඇතුළු චීනයේ විදේශීය සමාගම් ඉදිරි වසර කිහිපය තුළ චීනයේ තම ව්‍යාපාර පුළුල් කර නැවත වැඩි වැඩියෙන් ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන බව එම වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

එම වාණිජ මණ්ඩලය පසුගිය ඔක්තෝබර් 11 සිට දෙසැම්බර් 23 දක්වා කාලය තුළ දකුණු චීනයේ සිටින සිය සාමාජික සමාගම් 316ක් සමීක්ෂණයට භාජනය කර ඇත. ඉන් 34%ක් ඇමරිකානු සමාගම්, 25%ක් චීන මහා ගොඩබිමේ සමාගම්, 17%ක් හොංකොං සහ මැකෞ විශේෂ පරිපාලන කලාපවල සමාගම්, 14%ක් යුරෝපීය සමාගම් සහ 10%ක් වෙනත් රටවලින් පැමිණි සමාගම් විය.

ඊට අදාළ සමීක්ෂණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ සමීක්ෂණයට ලක් වූ සමාගම් ඉදිරි වසර තුනක සිට පහක් දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 14.59 ක් වෙන් කොට නැවත ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

පසුගිය සමීක්ෂණය හා සසඳන විට මෙම අගය 33.18% කින් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ ඇමරිකානු සමාගම්වලින් 90% කට ආසන්න ප්‍රමාණයක් චීනයේ දී ලාභ ලබා තිබුන ද, චීන-ඇමරිකානු සබඳතා හේතුවෙන් සමාගම්වල ව්‍යාපාර විශ්වාසය සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි ඉන් පෙන්නුම් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *