චීනය ගෝලීය ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයකට

චීනය ගෝලීය ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයකට

Zuchongzhi 3.0 නම් සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණක මූලාකෘතියක් එළි දැක්වීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇත.

ඒ සමඟින් ක්වොන්ටම් පරිගණක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් සනිටුහන්ව ඇති අතර, මෙම ජයග්‍රහණය සුපිරි සන්නායක පද්ධති තුළ ක්වොන්ටම් පරිගණක භාවිතයේ නව වාර්තාවක් ද වේ.

චීන ක්වොන්ටම් භෞතික විද්‍යාඥයින් වන Pan Jianwei, Zhu Xiaobo සහ Peng Chengzhi විසින් සංවර්ධනය කරන ලද මෙම Zuchongzhi 3.0 පද්ධතිය, ලොව බලවත්ම සුපිරි පරිගණකයට ද වඩා ට්‍රිලියන දහසක (quadrillion) ගුණයකින් වේගවත් ය. 

එමෙන්ම 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ලොව ප්‍රකට Nature සඟරාවේ Google හි නවතම ප්‍රතිඵලවලට ද වඩා මිලියනයක ගුණයක වේගයකින් ක්වොන්ටම් අහඹු පරිපථ සාම්පල සැකසීමේ කාර්යය ද මෙම නව පද්ධතිය හරහා සිදු කිරීමේ හැකියාව තිබේ. 

මෙම නවතම අධ්‍යයනය භෞතික සමාලෝචන ලිපි සඟරාවෙහි ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රකාශයට පත් කරන ලදී. එහිදී ද මෙම කාර්යය අගය කරමින් සඳහන් කර තිබුණේ අති නවීන කාර්යය සාධනයක් පෙන්නුම් කරනු ලබන නව සුපිරි සන්නායක ක්වොන්ටම් පරිගණකයක මිණුම් ලකුණක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *