ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති බව චීනය පවසයි

ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති බව චීනය පවසයි

ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා ප්‍රකාශ කළේ, ලබන අප්‍රේල් මාසයේ සිට විදේශීය මෝටර් රථ ආනයනයේදී අමතර තීරුබදු පනවන බවයි.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පෙන්වා දුන්නේ, ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති අතර, වෙළඳ යුද්ධ සහ තීරුබදු යුද්ධ වල ජයග්‍රාහකයින් නොමැති බවයි. මෙය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු එකඟතාවය බවට පත්ව තිබේ.

ජාත්‍යන්තර ප්‍රජාවට අවශ්‍යව ඇත්තේ අමතර තීරුබදු පැනවීම  නොව සමාන උපදේශන මගින් අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව එකිනෙකාගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ය. ඇමරිකාව මෙම යථාර්ථය අවබෝධ කර ගත යුතු ය. චීනය අවශ්‍ය පියවර ගනිමින් සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා දැඩි ලෙස ආරක්ෂා කරනු ඇතැයි, Guo Jiakun මහතා සඳහන් කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *