අයිස් හා හිම ආර්ථිකයේ සංවර්ධනය පුළුල් කිරීමට චීනයේ අවධානය

අයිස් හා හිම ආර්ථිකයේ සංවර්ධනය පුළුල් කිරීමට චීනයේ අවධානය

අයිස් සහ හිම ආර්ථිකයේ ජීව ශක්තිය උත්තේජනය කළ යුතු බවත්, සේවා පරිභෝජනයේ නව උද්දීපනයන් සහ නව ආර්ථික වර්ධන ලක්ෂ්‍යයන් නිර්මාණය කළ යුතු බවත් චීන අගමැති Li Qiang මහතා ඊයේ (15) Heilongjiang පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් පවසයි.

අයිස්, හිම ක්‍රීඩා සහ ඊට අදාළ ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් උපදෙස් තරයේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. වඩාත් යහපත් වූ ජීවිතයක් සඳහා ජනතාවගේ උවමනාවන් සපුරාලීම කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අගමැතිවරයා ඒ සඳහා අද්විතීය හා වාසිදායක සම්පත් හොඳින් භාවිතා කළ යුතු බව පැවසීය.

අයිස් හා හිම සම්පත් රන් සහ රිදී මෙන් ආර්ථික ප්‍රතිලාභ ගෙන දීමට සමත් වූ බව පෙන්වා දුන් Li Qiang මහතා පැවසුවේ අයිස් හා හිම ආර්ථිකයේ සංවර්ධනය නව වර්ධන ලක්ෂ්‍යයක් ලෙස සැලකිය යුතු බවයි. පසුගිය සිකුරාදා අවසන් වූ ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල, අයිස් සහ හිම ක්‍රීඩා සඳහා සහභාගී වීමට ජනතාව තුළ ඇති උද්‍යෝගය තවදුරටත් උත්තේජනය කර තිබේ. අයිස් සහ හිම ක්‍රීඩා පුළුල් ලෙස සංවර්ධනය කිරීමට මෙය අවස්ථාවක් කරගත යුතු බව ඔහු පැවසීය.

ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වීම සඳහා Heilongjiang පළාතේ, විශේෂයෙන් Harbin නගරයේ නිලධාරීන්ගේ සහ ජනතාවගේ කැපවීම Li Qiang මහතා අගය කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *