9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වන විදේශීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් චීන ජනාධිපතිවරයා හා ආර්යාවගෙන් දිවා භෝජන සංග්‍රහයක්

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වන විදේශීය රාජ්‍ය නායකයන් වෙනුවෙන් චීන ජනාධිපතිවරයා හා ආර්යාවගෙන් දිවා භෝජන සංග්‍රහයක්

චීනයේ Harbin නගරයේ පැවැත්වෙන 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වන විදේශීය රාජ්‍ය නායකයන් පිළිගැනීම වෙනුවෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා හා පෙං ලීයුවාන් ආර්යාවගේ ප්‍රධානත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් අද(7) Harbin නගරයේදී පැවැත්විණ.

බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයා වන Hassanal Bolkiah Muizzaddin Waddaulah මහතා, කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා හා ආර්යාව, පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා, තායිලන්ත අගමැතිනි Paetongtarn Shinawatra මහත්මිය, දකුණු කොරියාවේ කතානායක Woo Won-shik මහතා හා ආර්යාව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා හා ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ප්‍රධාන උප සභාපති Timothy Tsun-Ting Fok මහතා එම සංග්‍රහයට සහභාගි වූහ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී දේශනයක් සිදු කරමින් චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් මෙවර ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට එක්වන විදේශීය රාජ්‍ය නායකයන් හා ආරාධිතයන් සාදරයෙන් පිළිගත්තේය. ආසියානු ඔලිම්පික් කවුන්සිලය හා විවිධ රටවල නියෝජිත කණ්ඩායම්වල පොදු උත්සාහය යටතේ චීන හා ආසියානු ලක්ෂණයන්ගෙන් යුත් අසිරිමත් ක්‍රීඩා උළෙලක අත්දැකීමක් මෙවර ලෝකයට සමීප කරනු ඇතැයි ෂී ජින්පිං මහතා කියා සිටියේය.

ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරය(Dream of Winter, Love among Asia) මෙවර ශීත ඍතු ක්‍රීඩා උළෙලේ තේමාවයි. සාමය, සංවර්ධනය හා මිතුදම වෙත ආසියානු වැසියන්ගේ පොදු අපේක්ෂාව ඉන් පිළිබිඹු කෙරේ. එම පොදු අපේක්ෂාව සාක්ෂාත් කරමින් මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය වෙනුවෙන් වඩාත් විශාල දායකත්වය දැරිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Harbin නගරය, චීනයේ නූතන අයිස් හා හිම ක්‍රීඩාවල මූලාරම්භක ස්ථානය වන බව ෂී ජින්පිං මහතා පැවසීය. අයිස් හා හිමවලින් පිරී ඇති මෙම ප්‍රදේශයට ස්වර්ණමය වටිනාකමක් හිමි බව මෙම නගරය‍ට පැමිණීමෙන් පසුව අපට දැ‍නී තිබේ. අයිස් හා හිම සංස්කෘතිය හා ආර්ථිකය, Harbin නගරයේ උසස් ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධන ගමනේ නව ගාමක බලවේගය හා විවෘතභාවයේ පාලම බවට පත් වෙමින් තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වනු ඇති බවත් සියළු දෙනාට ම සුන්දර අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් හෙතෙම ප්‍රාර්ථනා කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *