චීනය හා කොලොම්බියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45 වන සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කොලොම්බියා ජනාධිපති Gustavo Petro මහතා අද(07) සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.
චීනය සහ කොලොම්බියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ගතවූ වසර 45 තුළ දෙරට ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය අඛණ්ඩ ව තහවුරු කර ඇති බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. 2023 ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපති Petro මහතා චීනයේ සාර්ථක රාජ්‍ය සංචාරයක නිරත විය. දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩනංවන බව Petro මහතා සහ තමන් එක්ව එහි දී නිවේදනය කර තිබේ. චීන-කොලොම්බියා සබඳතා වර්ධනයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර චීන-කොලොම්බියා උපායමාර්ගික හවුල්කාරිත්වය ගැඹුරු කිරීමට සහ ශක්තිමත් කිරීමට ජනාධිපති Petro මහතා සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත.
මෙහි දී Petro මහතා සිය සුබපැතුම් පණිවිඩයේ සඳහන් කළේ තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර දෙරට සබඳතා අඛණ්ඩව ශක්තිමත් වී වෙළඳ සහ ආයෝජන වර්ධනය වී ඇති බවයි. ලෝක සාමය, බලශක්ති පරිවර්තනය සහ දේශගුණික විපර්යාස වැනි දෙපාර්ශ්වයම පොදු සැලකිල්ලක් දක්වන ගෝලීය න්‍යාය පත්‍ර ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට කොලොම්බියාව කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.