ක්ෂේත්‍ර රැසක සහයෝගිතා පුළුල් කරමින් චීනයත් පාකිස්ථානයත් ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි

ක්ෂේත්‍ර රැසක සහයෝගිතා පුළුල් කරමින් චීනයත් පාකිස්ථානයත් ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි

2026 වසරේ යෙදී ඇති චීන – පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය අවස්ථාවක් කර ගනිමින් සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා සමග පැවති සාකච්ඡාවකදීයි. එම සාකච්ඡාව (05) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

චීනය සහ පාකිස්ථානය යදම් වැලක් සේ නොබි‍ඳෙන මිතුරන් මෙන්ම පූර්ණ උපායමාර්ගික හවුල්කරුවන් ද වන බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. පාකිස්ථානයේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමටත් ත්‍රස්තවාදය මර්දනය කිරීමටත් චීනය අඛණ්ඩ ව සහාය දක්වයි. එමෙන්ම පාකිස්ථානයට ගැළපෙන සංවර්ධන පිළිවෙත් අනුගමනය කිරීමට ද චීනය සහාය වෙයි. චීනයේ පුළුල් ප්‍රතිසංස්කරණ හා ඉහළ මට්ටමේ විවෘතභාවය ඔස්සේ පාකිස්ථානයට ද සංවර්ධනයේ ප්‍රතිලාභ අත්විඳීමට චීනය ආරාධනා කරයි. තවද පාකිස්ථානය සමග එක්ව, දෙරට අතර ආර්ථික කොරිඩෝ සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමටත් තම රට සූදානම් බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් Asif Ali Zardari මහතා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර තත්ත්වය කවර ආකාරයෙන් වෙනස් වුවද චීනය සමග රැඳී සිටීමට තම රට කැමැත්තෙන් සිටින බවයි. එමෙන්ම චීනය තම රට වෙත ලබා දෙන ඉමහත් සහයෝගය වෙනුවෙන් පාකිස්ථානයේ ස්තුතිය පළ කිරීමට ද ජනාධිපති Asif Ali Zardari මහතා මෙය අවස්ථාවක් කර ගනු ලැබීය. චීනයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් තම රට අධ්‍යයනය කිරීමට කැමැත්තෙන් පසුවන බව පැවසූ පාකිස්ථාන ජනාධිපතිවරයා දෙරට අතර ආර්ථික කොරිඩෝව සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ඉහළ මට්ටමකට රැගෙන යාමට සූදානම් බව ද කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *