කලාපීය සහයෝගයෙන් අන්තර්ජාල අපරාධවලට එරෙහිව සටන් කිරීමට චීනය කැපවෙයි

කලාපීය සහයෝගයෙන් අන්තර්ජාල අපරාධවලට එරෙහිව සටන් කිරීමට චීනය කැපවෙයි

කලාපීය සහයෝගයෙන් අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වංචාවන්ට එරෙහිව සටන් කිරීම චීනය තහවුරු කරයි.

චීනය හා තායිලන්තය, මියන්මාරය ඇතුළු රටවල් කිහිපයකට මායිම් ව පිහිටි Lancang – Mekong ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ නීති බලාත්මක කිරීමේ සහ ආරක්ෂක සහයෝගිතා මධ්‍යස්ථානය (21) චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ ආරක්ෂාව පිළිබඳ ඉහළ පෙළේ නිලධාරීන්ගේ රැස්වීම පැවැත්වීය. කලාපීය ආරක්ෂව සහතික කිරීම පිළිබඳව එම රැස්වීමේ දී පුළුල්ව සාකච්ඡාවලට ලක්ව ඇත. විදුලි සංදේශ ක්‍රම මගින් අන්තර්ජාලය ආශ්‍රිත අපරාධ සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම පිළිබඳව ‍ද මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වංචාවන්ට හසුව පැහැරගැනීම්වලට ලක්ව සිටින පුද්ගලයන් බේරා ගැනීමටත්, මෙවැනි වංචනික ක්‍රියාවන් හි නිරත අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම් පැමිණවීම පිළිබඳවත් මෙම රැස්වීමේ දී එකඟතාවන්ට පැමිණ ඇත.

චීනය, කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය යන රටවල විෂයභාර අමාත්‍යාංශ යටතේ පැමිණි ඉහළ පෙළේ නිලධාරීහු මෙම රැස්වීමට එක්වූහ.

මීට අමතරව මියන්මාරයේ Myawaddy ප්‍රදේශයෙන් වාර්තා වූ විදුලි සංදේශ හා අන්තර්ජාල වංචා ක්‍රියාවන් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ද චීනය, මියන්මාරය, තායිලන්තය යන රටවල ඉහළ පෙළේ නිලධාරීහු විශේෂ සාකච්ඡාවක් පවත්වා පොදු එකඟතාවන්ට එළඹූහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *