Shenzhou-19 කාර්ය මණ්ඩලයේ දෙවන බාහිර ක්‍රියාකාරකම් සාර්ථකයි

Shenzhou-19 කාර්ය මණ්ඩලයේ දෙවන බාහිර ක්‍රියාකාරකම් සාර්ථකයි

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ Shenzhou-19 කාර්ය මණ්ඩලයේ දෙවන බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සිදු කෙරේ.

Cai Xuzhe, Song Lingdong, Wang Haoze යන ගගනගාමීහූ තාක්ෂණික උපකරණ සහයෙන් ගොඩබිමේ සිටින විද්‍යා හා තාක්ෂණ කාර්ය මණ්ඩලය සමග සාමූහික ව එම මෙහෙයුම සම්පූර්ණ කළහ. අද(21) අලුයම 1ට පමණ පැය අට හමාරක කාලය පුරා ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආශ්‍රිත ව අදාළ පහසුකම් පරීක්ෂා කිරීම ඇතුළු මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති‍ කාර්යාලය පවසයි.

ගගනගාමීන් තිදෙනා ලබන 29 වැනි දා අභ්‍යවකාශ යානයේ සිට චීනයේ සාම්ප්‍රදායික නව වසර සැමරීම විශේෂත්වයකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *