චීනයේ මෝටර් රථ කර්මාන්තය තවදුරටත් බලගැන්වේ

චීනයේ මෝටර් රථ කර්මාන්තය තවදුරටත් බලගැන්වේ

ඉකුත් 2024 වසරේ චීනයේ මෝටර් රථ නිෂ්පාදන සංඛ්‍යාව ලක්ෂ 314.36ක් වූ අතර එම වසරේ අලෙවි කරන ලද සමස්ථ මෝටර් රථ සංඛ්‍යාව ලක්ෂ 312.82ක් බව චීන මෝටර් රථ කර්මාන්ත සංගමය අද(13) සඳහන් කළේය.

වසර දෙකක් අඛණ්ඩව‍ චීනයේ මෝටර් රථ නිෂ්පාදනය හා අලෙවිය  කෝටි 3 ඉක්මවා යාම විශේෂත්වයකි.

ඒ අතරම, නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන හා අලෙවි සංඛ්‍යාව පිළිවෙලින් ලක්ෂ 128.88ක් සහ ලක්ෂ 128.66ක් වේ. එම ප්‍රමාණය 2023 වසරට සාපේක්ෂව සියයට 34.4ක් සහ සියයට 35.5ක් වර්ධනය වී ඇත.

ඒ සමඟම, 2024 වසරේ චීනය අපනයනය කළ මෝටර් රථ සංඛ්‍යාව ලක්ෂ 58.59ක් වන අතර එම ප්‍රමාණය 2023 වසරට වඩා සියයට 19.3ක වැඩි වීමකි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *