
2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීනජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහයසහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම්පණිවුඩය නිකුත් කරයි.
ෂී ජින් පිං මහතා සිය සුබ පැතුම් පණිවුඩයෙන් 2024 වසරේ චීනය හා ලෝකයේ තත්වය සාරංශ කළේය. සැම දෙනාගේම සියලුම අපේක්ෂාවන්ඉෂ්ට වේවා යැයිද සියල්ලන්ම සතුටින් හාසුසංගතයෙන් ජීවත් වේවා යැයි ද හෙතෙම එහිදී ප්‍රාර්ථනා කළේය.
දෙස් විදෙස් විපර්යාසවලින් එල්ලවූ බලපෑම්වලටසක්රියව ප්‍රතිචාර දක්වමින් ප්‍රතිපත්ති මාලාවකින්ඉහල ගුණාත්මක සංවර්ධනය ස්ථිර ලෙසඉදිරියට ගෙන යාමට චීනය සමත් විය. ආර්ථිකයඅඛණ්ඩ ප්‍රකෘතිමත් ප්‍රවණතාවක පවතින අතරවසරේ චීන දළදේශීය නිෂ්පාදිත වටිනාකමයුවාන් ට්‍රිලියන 130ක් ඉක්මවා ගොස් ඇති අතර ධාන්‍ය අස්වනු ධාරිතාව ටොන් කෝටි 70ක් ළඟා වූ බව හෙතෙම සඳහන් කළේය.
මෙම වසරේ රටේ විවිධ ප්‍රදේශ නිරීක්ෂණයකරමින් තමා ජන ජීවිතයේ මනරම් විවිධත්වයන්දුටු බව ෂී ජින් පිං මහතා පැවසීය. පවුල් කටයුතු, ජාතික කටයුතු මෙන්ම ලෝකයේ කටයුතු තුළින්, ජනතාවට වඩාත් සුවපහසු ජීවිතයක් අත්කර දීමප්රධානතම කටයුත්ත යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විපර්යාස හා ගැටුම්වලින් සපිරි වත්මන්ලෝකයේ, වගකියන දැවැන්ත රටක් වශයෙන්, චීනය ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ හා ගෝලීයදකුණේ සහයෝගතාව සක්‍රියව ඉදිරියටමෙහෙයවමින් සිටින බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය.
ලෝකයේ සියවස් විපර්යාසය වේගයෙන් සිදුවෙමින් පවතී. සාමූහික ආකල්පයකින් ගැටුම්විසඳා ගෙන, මානවයාගේ ඉරණම කෙරෙහිගැඹුරු හැඟීමෙන් යුතුව අවධානය යොමු කළයුතුය. ලෝකයේ ජයග්‍රාගී අනාගතයක් නිර්මාණයකිරීම සඳහා චීනය විවිධ රටවල් සමඟ එක්වමිත්ර සහයෝගිතා ක්‍රියාවට නංවන්නෙකු, අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය ප්රවර්ධකයෙකුසහ පොදු ඉරණමක් සහිත මානව ප්රජාවගොඩනැගීමට සහභාගි වන්නෙකු ලෙසට ක්‍රියාකිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.