ඇමරිකාව චීනය සමග එක්ව දෙරටේ මත්ද්‍රව්‍ය මර්දන ක්ෂේත්රයේ සහයෝගීතාවේ යහපත් තත්ත්වය තවදුරටත් තහවුරු කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි.
ඔහු එසේ ප්‍රකාශ කළේ (19) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
Fentanyl ප්රශ්නය මත චීන නිෂ්පාදිත කෙරෙහි ඉහළ තීරු බදු පනවන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු ධවල මන්දිරයේ ජාතික මත්ද්‍රව්‍ය පාලන ප්‍රතිපත්ති කාර්යාලයේ ප්‍රධානි Rahul Gupta පැවසූවේ, පීඩනයක් ඇති කිරීමෙන් හානියක් නොවන බවයි. මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් මාධ්‍යවේදියෙකු චීනයේ ස්ථාවරය පිළිබඳව විමසීය.
චීනය ලෝකයේ දැඩිම මත්ද්‍රව්‍ය පාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රටවලින් එකක් බව ලින් ජියන් මහතා පැවසීය. ගෝලීය මත්ද්‍රව්‍ය පොදු පාලනයට අනුව යමින් මානව හිතවාදී කරුණාවෙන් යුතුව, චීනය ඇමරිකාවේ Fentanyl ප්රශ්නය විසඳීමට සහාය ලබා දී තිබේ.
මේ අතර මත්ද්‍රව්‍ය මර්දන සහයෝගීතා පැවැත්වීම, චීන ඇමරිකා නායක දෙපළ අතර සැන් ෆ්රැන්සිස්කෝ හි හමුවේ වැදගත් එකඟතාවකි. චීනයේ දැඩි උත්සාහය යටතේ එම සහයෝගීතා කැපී පෙනෙන ප්‍රගතීන් දිනා ඇත. අන්‍යෝන්‍ය වාසී හා අන්‍යෝන්‍ය ගරුත්වය පදනම්ව ඇමරිකාව සමග අඛණ්ඩව මත්ද්‍රව්‍ය මර්දන සහයෝගීතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටී. ඇමරිකාව, චීනයේ කාරුණික බව අගය කරමින් දෙරටේ මත්ද්‍රව්‍ය මර්දන සහයෝගීතාවන්හි යහපත් වත්මන් තත්ත්වය ආරක්ෂා කිරීමට දායක විය යුතු බව ද ඔහු කියා සිටියේය.