ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා ශූන්‍ය තීරුබදු පැනවීමේ චීනයේ ප්‍රතිපත්තිය අප්‍රිකානු රටවල පැසසුමට

ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා ශූන්‍ය තීරුබදු පැනවීමේ චීනයේ ප්‍රතිපත්තිය අප්‍රිකානු රටවල පැසසුමට

අප්‍රිකාවේ සංවර්ධනය හා පුනර්ජීවනයට චීනය සැමවිටම සහාය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

චීනය ඌන සංවර්ධිත රටවලින් ආනයනය කරන 100%ක භාණ්ඩ කෙරේ ශූන්‍ය තීරුබදු පැනවීම මේ සතියේ සිට ක්‍රියාත්මක කිරීම අප්‍රිකානු රටවල පැසසුමට ලක්ව තිබේ. එම විධිවිධාන ගෝලීය දකුණේ සංවර්ධනයේ අවශ්‍යතාවලට ගැලපෙන අතර එය අප්‍රිකානු-චීන වෙළඳ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමට හිතකර බව අප්‍රිකානු රටවල් මත පළ කර ඇත.

ඒ පිළිබඳව Lin Jian මහතා ප්‍රකාශ කළේ, අප්‍රිකාවේ අධි ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන වඩා පහසුවෙන් හා වේගවත්ව චීන වෙළඳපොළට පිවිසීම සඳහා චීනය ක්‍රියාකාරී කොන්දේසි සපයා දී තිබෙන බවයි. උසස් තත්ත්වයේ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ අධිෂ්ඨානය ඉන් පිළිබිඹු කෙරෙන බව ද හෙ‍තෙම වැඩිදුරටත් පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *