චීන මාධ්‍ය සමූහය සංවිධාන කරන 2025 වසරේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයට පුළුල් විදෙස් මාධ්‍ය අවධානයක් යොමු වේ. චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විශේෂ රාත්‍රී ප්‍රසංගයක් අලුත් අවුරුද්ද එළඹීමට පෙර දින රාත්‍රියේ පැවැත්වීම සිරිතකි. වාර්ෂිකව පැවැත්වෙන එම රාත්‍රී ප්‍රසංගය ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් සජීවීව නරඹන රූපවාහිනි ප්රසාංගික වැඩසටහන ලෙස ගීනස් වාර්තාවේ ද සඳහන් ය. එළඹෙන 2025 වසරේ වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය හරවත් බව, කලාව සහ තාක්ෂණය මුසු කරමින් ගෝලීය ප්‍රේක්ෂකයන් සඳහා තවත් අපූරු රාත්‍රී ප්‍රසංගයක් සංවිධාන කිරීමට සූදානමින් සිටී.
මේ වන විට චීන මාධ්‍ය සමූහය පේරු, බ්‍රසීලය හා නේපාලය ඇතුළු රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන සමග අදාළ සහයෝගීතා ලියවිලි අත්සන් කර තිබේ. චීන මාධ්‍ය සමූහයට අයත් CGTN මාධ්‍ය ජාලයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි හා රුසියන් නාලිකා සහ තවත් විදෙස් භාෂා 81ක විදෙස් මාධ්‍ය ප්රචාරක වේදිකා, ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය, රුසියාව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තායිලන්තය සහ මැලේසියාව ඇතුළු රටවල් හා කලාපවල 2600ක පමණ ප්‍රධාන මාධ්‍ය ආයතන සමග එක්ව 2025 වසරේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය පිළිබඳ වාර්තා කිරීම හෝ සජීවී ව විකාශය සිදු කරනු ඇත.