Huangyan දූපතේ මුහුදු දේශසීමාව පිළිබඳ නිවේදනය හා සාගර සිතියම චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කරයි

Huangyan දූපතේ මුහුදු දේශසීමාව පිළිබඳ නිවේදනය හා සාගර සිතියම චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කරයි

චීනය Huangyan දූපතේ මුහුදු දේශසීමාව පිළිබඳ නිවේදනය හා සාගර සිතියම එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කර එහි තැන්පත් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නියෝජිත Gengshuang මහතා චීන රජය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ වැඩ බලන උප ලේකම් Stephen D. Mathias මහතා වෙත ඊයේ (2) අදාළ නිවේදනය හා සාගර සිතියම ඉදිරිපත් කළේය. “චීන මහජන සමූහාණ්ඩුවේ Huangyan දූපතේ මුහුදු දේශසීමාව පිළිබඳ නිවේදනය ” හා ඊට සම්බන්ධ සාගර සිතියම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවියේ එළි දැක්වීමට ද නියමිත ය.

Huangyan දූපත චීන දේශභූමියේ කොටසකි. පසුගිය මස 10 වනදා චීන රජය “එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය” යන ජාත්‍යන්තර නීතිවලට මෙන්ම “චීන මුහුදු දේශසීමා හා ආසන්න ප්‍රදේශය පිළිබඳ නිතීයට” අනුව, Huangyan දූපතේ මුහුදු දේශසීමාව නිශ්චිත වශයෙන් සටහන් කර එළිදක්වා ඇත.එය නීත්‍යනුකූලව සාගර පරිපාලනය තහවුරු කිරීමේ නිසි පියවරක් වන අතර එය ජගත් නීතිවලට හා ජගත් ප්‍රජාවේ සාමාන්‍ය ක්‍රියාවන්ට ද අනුකූල වන්නකි. 

“එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට”අනුව, සාගර කලාපයට ආසන්න රටවල් සිය රටේ මුහුදු දේශසීමා සිතියම හෝ භූගෝලීය ඛණ්ඩාංක පිටපත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර එහි තැන්පත් කළ යුතු ය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *