ජී7 විදේශ ඇමතිවරුන්ගේ සමුළුව මැද පෙරදිග තත්වය පිළිබඳව අවධානය යොමු කරයි.
ජී7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව ඊයේ(25) ඉතාලියේදී ආරම්භ විය. කණ්ඩායමේ වාරික සභාපති රට වන ඉතාලියේ උප අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය Antonio Tajani මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව පැවැත්විණ. ගාසා තීරයේ මානුෂීය අර්බුදය, ලෙබනනයේ තත්ත්වය සහ පලස්තීන-ඊශ්‍රායල් ගැටුම වැනි මැද පෙරදිග ප්‍රශ්න පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණ.
සමුළුවට සහභාගි වන ලෙස අරාබි ලීගයේ මහලේකම් Ahmed Aboul Gheit මහතාට සහ ජෝර්දානය, ඊජිප්තුව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් පහේ නියෝජිතයින්ට ද ආරාධනා කර ඇත.
එම සමුළුව අද(26) රුසියානු-යුක්රේන ගැටුම වැනි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.
දින දෙකක් පුරා පැවැත්වෙන මෙවර විදේශ ඇමතිවරුන්ගේ සමුළුව, ජී7 කණ්ඩායමේ 2024 වසරේ අවසන් අමාත්‍ය මට්ටමේ සමුළුවයි.