“ගෝලීය දකුණේ” රටවල සංවර්ධනයට හා පුනර්ජීවනයට චීනයේ සහාය

“ගෝලීය දකුණේ” රටවල සංවර්ධනයට හා පුනර්ජීවනයට චීනයේ සහාය

“ගෝලීය දකුණේ” රටවල සංවර්ධනයට හා පුනර්ජීවනයට සහාය දෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(7) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. මෙම වසරේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ලොව ඌන සංවර්ධිත රටවල් 37ක් සහභාගි වන අතර එම රටවල ව්‍යවසායන් සඳහා ප්‍රදර්ශන කුටි 120ක් නොමිලේ ලබා දී තිබෙන බව ඇය කියා සිටියාය.

ගතවූ වසර 7ක කාලය තුළ ඌන සංවර්ධිත රටවල නිෂ්පාදන වැඩි වැඩියෙන් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හරහා චීන වෙළඳපොලට ප්‍රවේශ වූ අතර ඉන් අදාළ රටවල කර්මාන්ත සංවර්ධනය හා ජන ජීවිතය යහපත් වී ඇත. එළඹෙන මස පළමුවනදා සිට ඌන සංවර්ධිත රටවල රේගු බදු ලැයිස්තුවට ඇතුළත් වන සියළු නිෂ්පාදන සඳහා චීනය තීරු බදු රහිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇති බව ඇය ප්‍රකාශ කළාය. චීනය ගෝලීය දකුණේ රටවල් සමග එක්ව ශක්තිමත් සහයෝගීතා පවත්වමින් අදාළ රටවල සංවර්ධනයට හා පුනර්ජීවනයට සහය ලබා දීමට අපේක්ෂා කරයි. එය ගෝලීය නවීකරණය සාක්ෂාත් කර ගැනීමට ඉවහල් වනු ඇතැයි ද ඇය ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *