සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් යළි පෘථිවියට

සාර්ථක මෙහෙයුමකින් පසු චීන ගගනගාමීන් යළි පෘථිවියට

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක කාලයක සිය රාජකාරි කටයුතු අවසන් කළ චීන ගගනගාමීන් තිදෙනෙකු යළි සාර්ථකව පෘථිවියට පැමිණ ඇති බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. Ye Guangfu, Li Cong සහ Li Guangsu නම් මෙම ගගනගාමීන් තිදෙනා  රැගත් Shenzhou-18 අභ්‍යවකාශ යානයේ කැප්සියුලය, උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ ස්වයං පාලන ප්‍රදේශයේ Dongfeng ගොඩබෑමේ ස්ථානයට ළගා වී ඇත්තේ  බෙයිජිං වේලාවෙන් අද පෙරවරු 1:24 ට පමණ ය. 

දින 192ක් පුරා අභ්‍යවකාශයේ රැඳී සිට මෙලෙස පෘථිවියට පැමිණි ගගනගාමීන් තිදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව ද චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය තහවුරැ කර ඇත. 

පසුගිය අප්‍රේල් මස 25 දින Shenzhou-18  යානයෙන් අභ්‍යවකාශ ගත වූ මෙම ගගනගාමීන් සිය මෙහෙයුම් අතරතුර, ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය, අභ්‍යවකාශ ද්‍රව්‍ය විද්‍යාව, මූලික භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර ආශ්‍රිත පර්යේෂණ රැසකට දායක වී ඇත. එමෙන්ම දීර්ඝ කාලයක් අභ්‍යවකාශයෙහි ඇවිදිමින් ඔවුන් මැයි මාසයේ දී නව වාර්තාවක් ද පිහිට වූ අතර එය චීන ගගනගාමීන් විසින් මෙතෙක් සිදු කරන ලද දීර්ඝතම තනි අභ්‍යවකාශ ගමන ලෙස ඉතිහාසයට ද එක්ව ඇත. 

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ වැඩසටහනට අනුව 2025 වසරේ දී ද Shenzhou-20 සහ Shenzhou-21 අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කිරීමට නියමිත බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *