බ්‍රික්ස් හා සම්බන්ධ වීමට සමාන අදහස් ඇති හවුල්කරුවන් සාදරයෙන් පිළිගන්නා බව චීනය පවසයි

බ්‍රික්ස් හා සම්බන්ධ වීමට සමාන අදහස් ඇති හවුල්කරුවන් සාදරයෙන් පිළිගන්නා බව චීනය පවසයි

විවෘත හා සාධාරණ යාන්ත්‍රණයක් වන බ්‍රික්ස් හා සම්බන්ධ වීමට ඉන්දුනීසියාව ඇතුළු සමාන අදහස් ඇති හවුල්කරුවන් චීනය සාදරයෙන් පිළිගන්නා බව චීන විදේශ අමාත්‍ය Lin Jian මහතා ඊයේ(28) පැවසීය.

සංවර්ධනය වෙමින් පවතින රටක් සහ ගෝලීය දකුණේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමේ උපායමාර්ගික වේදිකාවක් ලෙස, බ්‍රික්ස් හා එක්වීමට ඉන්දුනීසි‍යාවේ  ඇති කැපවීම පසුගිය සතියේ එරට විදේශ අමාත්‍ය Sugiono මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව Lin Jian මහතා මේ බව සඳහන් කර ඇත.

නැඟී එන වෙළඳපල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා සහයෝගතාවය ඉහළ නැංවීමටත්, සබඳතාව සහ පොදු අවශ්‍යතා තහවුරු කිරීමටත් වැදගත් වේදිකාවක් වන බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය ජාත්‍යන්තර කටයුතුවල දී ධනාත්මක සහ ස්ථාවර බලවේගයක් බවට පත්ව ඇතැයි Lin Jian මහතා සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *