චීන-ඉන්දීය නායක දෙපළ දෙරට සබඳතා යහපත් කොට සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් එකඟතාවන්ට එළැඹෙයි

චීන-ඉන්දීය නායක දෙපළ දෙරට සබඳතා යහපත් කොට සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් එකඟතාවන්ට එළැඹෙයි

චීන-ඉන්දීය නායකයින් අතර හමුව දෙරටේ සබඳතා ස්ථාවර සංවර්ධන මාවතකට නැවත පැමිණීම සඳහා දිශානතිය පෙන්වා දී තිබෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(24) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

චින ජනාධිපති ෂී ජින් පිං මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ(23) රුසියාවේ Kazan හිදී 16වන බ්‍රික්ස් නායක සමුළුවට සහභාගී වන අතරතුර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වූහ. නායක දෙපළ චීන-ඉන්දීය සබඳතා යහපත් කොට සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වැදගත් එකඟතාවන්ට එළඹ ඇත.

දෙරටේ සබඳතා ස්ථාවර සංවර්ධන මාවතකට නැවත පැමිණීම සඳහා ඉන්දියාව සමඟ හුවමාරු හා සහ‍යෝගීතා ශක්තිමත් කොට උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය ප්‍රවර්ධනය කරමින් මතභේද නිසි ලෙස විසඳා ගැනීමට චීනය සූදානමින් සිටින බව Lin Jian මහතා කියා සිටියේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *