“එක් තීරයක් එක් මාවතක්” පවුලට හැකි ඉක්මනින් සම්බන්ධ වී සංවර්ධන අවස්ථා පොදුවෙන් බෙදා ගැනීමට, චීනය කොලොම්බියාවට ඇරයුම් කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (10) බෙයිජිං හිදී කොලොම්බියානු විදේශ ඇමති Luis Gilberto MURILLO මහතා හමුවූ අවස්ථාවේදී මෙබව සඳහන් කළේ ය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කොලොම්බියානු ජනාධිපති Gustavo Petro මහතා, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ චීන කොලොම්බියා උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කිරීම ඒකාබද්ධව නිවේදනය කළහ. මෙය දෙරට අතර සබඳතා නව සංවර්ධන අදියරකට යොමු කර ඇතැයි, වං යී මහතා පැවසීය. ලබන වසර චීනය සහ කොලොම්බියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 45 වැනි සංවත්සරයයි. කොලොම්බියාව සමඟ, ආර්ථික සහ වෙළඳ සහයෝගීතා ශක්තිමත් කිරීමට මෙන්ම, යටිතල පහසුකම්, පිරිසිදු බලශක්තිය, 5G, කෘතිම බුද්ධිය යන ක්ෂේත්‍රවල සහයෝගීතා පුළුල් කිරීමට ද, චීනය කැමැත්තෙන් සිටී. එකම චීනය යන මූලධර්මයට කොලොම්බියාව දිගුකාලීනව අනුගත වීම චීනය අගය කරන බව, වං යී මහතා සඳහන් කළේ ය.
දෙරටේ ජනාධිපතිවරුන් විසින් ඇති කර ගත් වැදගත් උපායමාර්ගික එකඟතාව ක්‍රියාවට නැංවීමට සෑම උත්සාහයක්ම ගැනීමට, කොලොම්බියාව කැමැත්තෙන් සිටින බව Luis Gilberto MURILLO මහතා පෙන්වා දුන්නේ ය. ලබන වසරට යෙදෙන දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 45 වැනි සංවත්සරය අවස්ථාවක් ලෙස ගෙන, දෙරට අතර ඒ ඒ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කරනු ඇත. “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධ ඉදිකිරීම් කෙරෙහි කොලොම්බියාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, ඊට ක්‍රියාකාරීව සහභාගී වීමට කැමැත්තෙන් සිටී. එකම චීනය යන මූලධර්මය කොලොම්බියාව අඛණ්ඩව හා දැඩි ව අනුගමනය කරනු ඇතැයි ද , Luis Gilberto MURILLO මහතා සඳහන් කළේ ය.