රටවල් 100කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී චීනයට සහාය පළ කරයි

රටවල් 100කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ දී චීනයට සහාය පළ කරයි

ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් චීනයේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි අපවාද නැගීම සම්බන්ධයෙන් රටවල් 100කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 57 වැනි සමුළුවේදී විවිධ ආකාරයෙන් චීනයේ ස්ථාවරයට අනුබල දෙයි.

චීනය ඇතුළු රටවල් 80ක් වෙනුවෙන් කියුබා නියෝජිතයා ඊයේ(24) එම අවස්ථාවේදී පොදු ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ ෂින්ජියං උයිගුර් ස්වායත්තය, හොං කොං විශේෂ පරිපාලන කලාපය, ටිබෙට් ස්වායත්තයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුතු බවයි. මානව හිමිකම් ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම හා ද්විත්ව ප්‍රමිතීන්ට විරුද්ධ වන අතර මානව හිමිකම් මුවාවෙන් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විරුද්ධ වන බව හෙතෙම කියා සිටියේය.

සංවාද හා සහයෝගිතා මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ මිත්‍රශීලි කණ්ඩායම වෙනුවෙන් ජිනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීනයේ ස්ථාවර නියෝජිත Chen Xu මහතා පැවසුවේ මානව හිමිකම් කවුන්සලය, පීඩන එල්ල කිරී‍මේ ස්ථානයක් බවට පත් නොවිය යුතු අතර සංවාද හා හුවමාරු පැවැත්වීමෙන් විශ්වාස හා සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම සඳහා හැකි තරම් දායකත්වය දැරිය යුතු බවයි.

නොබැඳි ව්‍යාපාරය වෙනුවෙන් උගන්ඩාව, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ආරක්ෂාව කිරීම සඳහා වන මිත්‍රශීලි කණ්ඩායම වෙනුවෙන් වෙනිසියුලාව සහ අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ගැම්බියාව ප්‍රකාශ සිදු කරමින් චීනයේ ස්ථාවරයට අනුබල දී තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *