චීන-ආසියාන් සහයෝගිතා ගැඹුරු කිරීම සඳහා චීනය සූදානම්

චීන-ආසියාන් සහයෝගිතා ගැඹුරු කිරීම සඳහා චීනය සූදානම්

චීන-ආසියාන් ප්‍රදර්ශනය යන වේදිකාවේ කාර්යභාරය මනාව ඉටු කිරීම සඳහා ආසියාන් සංගම් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

හෙට (24) චීනයේ නැන්නිං නගරයේ ආරම්භ වීමට නියමිත 21වැනි චීන-ආසියාන් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් හෙතෙම පැවසුවේ, එම ප්‍රදර්ශනය චීන-ආසියාන් සහයෝගිතා ගැඹුරු කරමින් කලාපීය ආර්ථික ඒකීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් වේදිකාවක් බවයි.

වඩා සමීප පොදු ඉරණමක් සහිත චීන-ආසියාන් ප්‍රජාව ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා, විවිධ ආසියාන් සංගම් රටවල් සමඟ එක්ව වෙළඳාම හා අන්‍යෝන්‍ය ආයෝජන පුළුල් කොට වඩා උසස් මට්ටමේ අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ සාක්ෂාත් ‍කරගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Lin Jian මහතා එහිදී සඳහන් කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *