ශ්‍රී ලංකා නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළ කරයි

ශ්‍රී ලංකා නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළ කරයි

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව චීනය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බව Lin Jian මහතා පෙන්වා දුන්නේය. චීනය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමටත් දෙරටේ සංවර්ධන උපාය මාර්ග ශක්තිමත් කිරීමටත් ජනාධිපති දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය. චීනය සහ ශ්‍රී ලංකාව අතර“එක් තීරයක් එක් මාවතක්”උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ගොඩනැගීම ගැඹුරු කරන බවත් අඛණ්ඩව නව ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා අවංක අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් සහ පාරම්පරික මිත්‍රත්වයකින් යුතු චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර හා දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරන බවත් Lin Jian මහතා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *