ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව යනු සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි ව්‍යාප්තියක් බව චීනය පවසයි

ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව යනු සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි ව්‍යාප්තියක් බව චීනය පවසයි

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 68 වැනි මහා සමුළුව ඔස්ට්‍රියාවේ වියානා නුවර දී පැවැත්වේ.

ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඔස්ට්‍රේලියානු න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව පිළිබඳ ගැටළුව, චීනයේ ප්‍රයත්න ය‍ටතේ අඛණ්ඩව 15 වැනි වරටත් මෙහිදී අන්තර් රාජ්‍ය සාකච්ඡා ස්වරූපයෙන් සමාලෝචනය කිරීම විශේෂත්වයකි. මෙම ඒජන්සියේ චීන නිත්‍ය නියෝජිත තානාපති Li Song මහතා ඊයේ (19) පැවති සමුළුවේ දී ප්‍රධාන දේශනයක් පැවැත්වීය. රුසියාව සහ ආසියානු-අප්‍රිකානු-ලතින් ඇමරිකානු කලාපවල සංවර්ධනය වෙමින් පවතින රටවල් චීනයේ ස්ථාවරයට සහාය දක්වන බව ද එහිදී  ප්‍රකාශ කෙරිණ.

ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව යනු සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි ව්‍යාප්තියක් බවත්, ටොන් ගණනක ආයුධ හා සමාන අධිසාන්ද්‍ර යුරේනියම් හුවමාරු ඊට ඇතුළත් වන බවත් Li Song මහතා එහි දී පෙන්වා දුන්නේ ය. ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඔස්ට්‍රේලියානු න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව පිළිබඳ ප්‍රශ්නය සැබෑ බහුපාර්ශ්විකවාදය තුළින් විසඳිය යුතු ය. එසේම, ඒ වෙනුවෙන් අන්තර් රාජ්‍ය ක්‍රියාවලි ආකාරයෙන් පුළුල් සාකච්ඡා පැවැත්විය යුතු වේ. එහිදී ඒකපාර්ශ්විකවාදය අනුගමනය කරමින් දෙබිඩි පිළිවෙතක නිරත විය නොහැකි බව ද Li Song මහතා එහිදී අවධාරණය කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *