චීන-බ්‍රිතාන්‍ය ආර්ථික හා මූල්‍ය සංවාදය යළි ආරම්භ කිරීම පිළිබඳව දෙරට අතර සාකච්ඡා ඇරඹේ. එම සංවාදය පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානී සහ උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා සහ අදාළ බ්‍රිතාන්‍ය පාර්ශ්වයේ ප්‍රධානී සහ මුදල් ඇමතිනී Rachel Reeves මහත්මිය ඊයේ(18) රාත්‍රී දුරකථන සංවාදයක නිරත වූහ.
ඔවුන් එහිදී චීන-බ්‍රිතාන්‍ය ආර්ථික හා වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ඇත.
දෙරටේ නායක දෙපළ එළැඹි වැදගත් එකඟතා මනාව ක්‍රියාත්මක කරමින් වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ප්‍රවර්ධනය කිරීමටත් මූල්‍ය, හරිත ආර්ථික හා කෘත්‍රිම බුද්ධි යනාදී ක්ෂේත්රවල සහයෝගිතා පුළුල් කිරීමටත් බ්‍රිතාන්‍යය සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව He Lifeng මහතා එහිදී පැවසීය.
බ්‍රිතාන්‍ය-චීන කල්පවතින අන්‍යෝන්‍ය වාසිදායක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ස්ථීර පදනමක් තැබීම සඳහා චීනය සමඟ සංවාද හා සහයෝගිතා තහවුරු කිරීමට බ්‍රිතාන්‍යය කැමැත්තෙන් සිටින බව Rachel Reeves මහත්මිය එහිදී කියා සිටියාය.