ඓතිහාසික ‘සැප්තැම්බර් 18’ චීනය අභිමානයෙන් සමරයි

ඓතිහාසික ‘සැප්තැම්බර් 18’ චීනය අභිමානයෙන් සමරයි

චිනයේ ඓතිහාසික ‘සැප්තැම්බර් 18’ සිදුවීමේ 93 වැනි සංවත්සරය සැමරේ.  

ජපාන ආක්‍රමණිකයන්ට එරෙහිව චීන ස්වදේශිකයන් වසර 14 ක් පුරා නිරත වූ මහා සංග්‍රාමයේ ආරම්භය සටහන් වූයේ 1931 වසරේ සැප්තැම්බර් 18 වැනිදා යි. එපමණක් නොව, ලොව පුරා ෆැසිස්ට්-විරෝධී සටනේ ඇරඹුම ද එහි දී සටහන් විය.

ජපාන ආක්‍රමණිකයන්ට එරෙහිව එම සංග්‍රාමය දියත් කෙරුණු, ඊසානදිග චීනයේ Lianning පළාතේ Shenyang නගරයේ දී ‘සැප්තැම්බර් 18’ සැමරුම් උළෙල නගර කෞතුකාගාරය ආශ්‍රිත ව අද (18)  පැවැත්විණ.

එම අවස්ථාවට එක්ව සිටි විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ එහිදී පෞරාණික ඝණ්ඨාර 14 ක් නාද කළහ. චීන ජාතිකයන් වසර 14 ක් තිස්සේ දිවිපරදුවට තබා, මාතෘභූමියේ ස්වෛරීභාවය වෙනුවෙන් කළ අප්‍රමාණ මෙහෙවර ඉන් සංකේතවත් කෙරිණ. එසේම, පෙරවරු 9:18 ට Liaoning පළාතේ පිහිටි නගර 14 ම එකවර ගුවන් ආරක්ෂක එලාම් නාද කළේය. මීට අමතරව සියලු වාහන, දුම්රිය හා නෞකාවන්හි නලා එකවර නාද කරනු ලැබීය. ඓතිහාසික වටිනාකම් හදවතේ තබා ගනිමින් සැමදා මවුබිම වෙනුවෙන් කැපවන චීන ජාතිකයන්ගේ අභිමානයත්, සාම හිතකාමීත්වයත් එමගින් පිළිබිඹු කෙරේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *