සිරියාවේ රැඳී සිටින නීතිවිරෝධී විදේශීය හමුදා ඉන් ඉවත් කර ගන්නා ලෙස චීනයෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳී සිටින නීතිවිරෝධී විදේශීය හමුදා ඉන් ඉවත් කර ගන්නා ලෙස චීනයෙන් ඉල්ලීමක්

සිරියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශීය හමුදා ඉන් ඉවත් කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය උප නියෝජිත Geng Shuang මහතා ඉල්ලා සිටී. සිරියාවේ දේශපාලන සහ මානුෂීය ගැටළු සම්බන්ධයෙන් ඊයේ(28) පැවති ආරක්ෂක කවුන්සිලයේ ප්‍රසිද්ධ රැස්වීමේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

සිරියාවට පහර දීම වහාම නවත්වන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බවත්, සිරියාවේ රැඳී සිටින නීතිවිරෝධී ‍හමුදා ඉන් ඉවත් කර ගන්නා ලෙසත් චීනය විදේශීය හමුදාවලින් ඉල්ලා සිටින බවත් Geng Shuang මහතා සඳහන් කර ඇත. එමෙන්ම කලාපීය තත්ත්වය සමනය කිරීමට ප්‍රධාන බලවත් රටවල් ඵලදායී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

සිරියාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස ආරක්ෂා කළ යුතු ය. සිරියාව ඇතුළු කලාපීය රටවල ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් ප්‍රායෝගිකව කටයුතු කරන ලෙස චීනය අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *